UA-250212465-1 google-site-verification=ePEiuv2MG23QPdfKA1gjI-V1TDL6ub5GLI66Pqe4R2M google-site-verification=seus5fGUGvMgn4_9jjvhEcE3ldheRYJVPe26MBzIT18 Universal explorers Explore aliens and mysteries hidden in the universe.: there would be.
Showing posts with label there would be.. Show all posts
Showing posts with label there would be.. Show all posts

Tuesday, October 18, 2022

No war is needed to change any history. If there was only one book, there would be. ඕනෑම_ඉතිහාසයක්_වෙනස්_කිරීමට_යුද්ධයක්_අවැසි_නැත. එක_පොතක්_තිබුනා_නම්_හොඳටම_ඇතිය.


I will start writing a book today.

My guesses in that book,

As I understand certain historical facts,

As far as I know,

As I have heard,

According to my knowledge, I write

After a hundred years, what will happen if people get the book I wrote today?

People will definitely recognize the book I have written as an epic.

As I have finished writing, they will conclude that I am a great scholar.

People will believe the content of certain things I mentioned in that book.

Most people will believe it

Based on the strength of the written medium that I used, people will decide that it is a hidden past of powerful history.

People will socialize its facts.

Is the real history socialized since then?

Or is it history according to my word as recorded by me as I know it?

Inevitably, history will be socialized as a distortion.

It still happens today.

Explaining it to people is not that easy.

The reason is that people want to store knowledge, not to ask and realize it with intelligence.

When studying any subject, I personally see contradictions in many facts because I never take the facts out of the fruit as knowledge and store them in my head.

The only reason why it is not possible to talk about all that in public is that people have made space in their minds only for knowledge

But when we compare some facts mentioned in some places in the same subject, it is easy to understand that all of them are contradictory.

Personally, I do not accept any written history.

After I have studied everything, I take the facts one by one and match them all to the basic concept, filter the weight of tar, and get through it by sifting.

This problem is something that I have seen in the basic books of every discipline and department.

That is why I made a separate education about it.

If I reveal a lot of information that I got during that education, even the respectability of many places and the Sunnah will certainly be destroyed.

I have no need to do so.

I would like to ask everyone to ask with intelligence and understand everything.

Even though the understanding itself is enough, I have great difficulty in showing the way to someone else, so I will have to talk about this acceptance, which breaks down certain walls.

There I may be a matte according to the society

But one who sees hands in practice will be able to understand its true effect.

Do not take out the nuts and swallow them.

Don't forget that the brain is there for self-analysis.


 මම අද ඉඳන් පොතක් ලියන්න ගන්නවා.

ඔය පොතේ මට සිතෙන අනුමාන ,

යම් යම් ඉතිහාස කරුණු මට තේරුණ විදිය,

මම දන්න විදියට ,

මම අහලා තියෙන විදියට ,

මගේ දැණුමට අනුව, මම ලියනවා

වසර සීයකට පසු මම අද ලියපු පොත මිනිස්සුන්ට ලැබුනොත් මොනවා වේවිද?

මම ලියූ පොත අනිවාර්‍යෙන්ම පුරා වෘතයක් විදියට මිනිස්සු හඳුනා ගනීවි.

මා ලියා අවසන් කල විදියට මා ශ්‍රේෂ්ඨ පඬිවරයෙකු බව ඔවුන් විසින් නිගමනය කරාවි.

එම ග්‍රන්ථය තුල මා සඳහන් කල යම් යම් කරුණු වල අන්තර්ගතය දැඩි සේ මිනිසුන් විශ්වාස කරාවි.

බොහෝ අය එය අදහාවි

මා භාවිතා කල ලිඛිත මාධ්‍යයේ ප්‍රබලත්වය මත එය ප්‍රබල ඉතිහාසයක සැඟවුනු අතීතයක් බව මිනිස්සු විසින් තීරණය කරාවි.

මිනිස්සු විසින් එහි කරුණු සමාජගත කරාවි.

එතැන් පටන් සමාජගත වන්නේ සැබෑ ඉතිහාසය ද ?

එසේත් නැත්නම් මා දන්නා අයුරින් මා සටහන් කල මගේ වචනයට අනුව ඉතිහාසය ද?

අනිවාර්‍යෙන්ම ඉතිහාසය විකෘතියක් විදියට සමාජගත වේවි.

අදටත් ඒක වෙනවා.

මිනිස්සුන්ට එය පැහැදිලි කිරීම නම් ඒ තරම් පහසු දෙයක් නෙවෙයි .

හේතුව මිනිස්සු කැමති දැණුම ගබඩා කරගන්න මිසක් බුද්ධියෙන් විමසා ප්‍රත්‍යක්ෂ කරගන්න නෙවෙයි .

ඕනෑම විශයක් අධ්‍යනය කිරීමේදී කිසිම විටෙක එහි සඳහන් කරුණු දැණුමක් විදියට ගෙඩිය පිටින් අරන් ජබොක් ගලා ඔලුවෙ තැන්පත් කරගන්න පුරුද්ද මට නැති නිසාම බොහෝ කරුණු වල පරස්පරතා පුද්ගලිකව මම දකිනවා.

ඒ සියල්ල ප්‍රසිද්ධියේ කතා කරන්න බැරි එකම හේතුව මිනිස්සු දැණුමට පමණක් මනසේ ඉඩ හදාගන තිබීමයි

නමුත් එකම විශය තුල යම් යම් තැන් වලදී සඳහන් වී ඇති යම් යම් කරුණු තැන් කිහිපයක් හා ගලපන විටදී ඒ සියල්ල පරස්පර බව සරළවම වැටහෙන කරුණක් .

පුද්ගලිකව මම කිසිම ලිඛිත ඉතිහාසයක් පිලිගන්නෙ නෑ .

මම සියල්ල අධ්‍යනය කල පසු එකින් එක කරුණ ගෙන ඒ සියල්ල එකින් එක මූලික සංකල්පයට ගලපා තාර බර හලා පෙරලා, හලලාමයි එහි හරහ ලබා ගන්නේ.

මේ ගැටලුව මට සෑම විශයකම, අංශයකම මූලික ග්‍රන්ථ තුලදි දකින්න ලැබුන දෙයක් .

ඒ පිළිබඳව මම වෙනමම හැදැරීමක් කලේම ඒ නිසයි.

ඒ හැදැරීම් තුලදී මා ලද බොහෝ තොරතුරු හෙලි කලොත් බොහෝ තැන් වල පුහු ගරුත්වය පවා සුන්නත් දූලි වනවා නිසැකයි.

මට එසේ කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැත.

බුද්ධියෙන් විමසා සියල්ල අවබෝධ කරගන්න කියා සැමගෙන් ඉල්ලන්න මම කැමතියි .

අවබෝධය තමා සතු වීමම ප්‍රමාණවත් වූවත් තව කෙනෙකුට ඒ මාර්ගය පෙන්වීමට පුදුම අමාරුවක් මා හට ඇති බැවින් යම් යම් පවුරු කඩාගන මේ පිලිගන්න කතා කරන්න මට සිදු වේවි 

එතනදි මම සමාජයට අනුව මැට්ටෙක් විය හැකිය

නමුත් ප්‍රායෝගිකව අත් දකින කෙනෙකුට එහි නියම ඵලය අවබෝධ කර ගත හැකි වේවි .

ගෙඩි පිටින් අරන් ගිලින්න එපා.

මොළයක් තියෙන්නේ ස්වයං විග්‍රහයන් සඳහා යොදා ගන්න බව අමතක කරන්න එපා.